|
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන කාර්යාලයේ උපසදස් මත 1970 දශකයේ ගෘහ ඒකක සමීක්‍ෂණ වැඩසටහන මෙරටට හදුන්වා දී ඇති අතර එය ලෝකයේ අනෙක් රටවල මෙන් අප රටේද සමීක්‍ෂණ මාලාවක් ලෙස විධිමත්ව පවත්වාගෙන යනු ලැබේ.
ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්‍ෂණය සාමාන්‍යයෙන් වසර 5 කට වරක් පවත්වනු ලබන අතර ලබා ගන්නා දත්තවල කාලීන විචලනය අවම කර ගැනීම සදහා සමීක්‍ෂණ කටයුතු වසර පුරා (මාස 12) සිදු කෙරේ.
නියදි සමීක්‍ෂණ අංශය : දුරකතන: + 94 11 2508689, 2508690, විද්‍යුත් තැපැල්: sample.survey@statistics.gov.lk
|