HOME SINHALA TAMIL ENGLISH
 මධ්‍යස්ථානය ගැන
හැඳින්වීම
 මෙහෙවර
  සම්බන්ධිත ආයතන
 මෙහෙයවීම
 ඡායාරූප
  
  ප්‍රවෘත්ති සහ සිදුවීම්
  
 
මධ්‍යස්ථානය ගැන | සංඛ්‍යාති | ප්‍රකාශන | ඇමතුම්

ස්වාධීන සහ ගුණාත්මක සංඛ්‍යාතීන් සපයාගැනීම නූතන සංක්‍රමණ කළමනාකරණයන්ගේ මූල සාධකයකි. අදාල නිවැරදි සංඛ්‍යාතීන් නිසි කල පරිහරණය ඵලදායී තීරණ වලදී අත්‍යවශ්‍ය කරුණකි. එය තීරන ගන්නන්ට, පර්යේෂකයන්ට සහ සාමාන්‍ය ජනතාවට මනා අවස්ථාවන් උත්පාදනය කරදෙන්නකි.

සංක්‍රමණ සංඛ්‍යාති පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වෙසෙසින්ම නිර්‍මාණය වූයේ ශ්‍රී ලංකාවේ සංක්‍රමණ දත්ත එක් රැස්කිරීමේ දිගු කාලින වැඩපිළිවෙලක අවශ්‍යතාවය අරමුණු කරගෙනය.

මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සංක්‍රමණ සංඛ්‍යාතීන් රැස් කිරීම, විෂ්ලේශනය සහ ප්‍රකාශයට පත්කිරීම යන කරුණු සම්බන්ධයෙන් පුරෝගාඳූව කටයුතු කරයි. මෙම මධ්‍යස්ථානය රටින් පිටතට සහ රට තුලට සිදුවන සංක්‍රමණ පිළිබඳ තොරතුරු සම්පාදනයත්, තීරන සඳහා උපකාරීවන නිර්ණයකයනුත් ඉදිරිපත් කිරීම සිදුකරයි. එය නිරන්තරයෙන් ජාතික සහ අන්තර් ජාතික ආයතනයන් සමග සම්බන්ධවෙමින් තම ප්‍රතිදානයන් ඵලදායී කරගැනීමට වෙහෙසෙයි.